FAST NEWS

24×7 Around the Globe

උතුරු මැද පළාත් සෞඛ්‍ය රියදුරෝ වැඩ වර්ජනයක් අරඹති..

උතුරු මැද පළාතේ සෞඛ්‍ය රියදුරු සේවා ව්‍යාවස්ථාව අනුමත නොකළැයි විරෝධය පළ කරමින් අද( 21)  උතුරු මැද පළාත් සෞඛ්‍යය රියදුරෝ වැඩ වර්ජනයක් අරඹා ඇති බව වාර්තා වේ.

පළාත් සෞඛ්‍ය රියදුරු ව්‍යවස්ථාව අනුමත කර දෙන ලෙස ඉල්ලා පසුගිය මැයි 6 සිට දින හතක් අඛණ්ඩ උපවාසයක නිරත වු බවත් පසුව ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මත උපවාසය අත් හළ නමුත් අද වනතුරු එය අනුමත කර නැති බවෙ උතුරු මැද පළාතේ රජයේ සෞඛ්‍ය සේවා රියදුරු සංගමය පෙන්වා දෙයි.

එසේම රියදුරන්ගේ වැඩ වර්ජනයෙන් රෝගින් අපහසුතාවයට පත්විම වැළැක්විම සඳහා යුද හමුදා රියදුරන් ගිලන් රථ ධාවනය කිරිම සඳහා යොදවන බව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කිර්ති ගමගේ මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියි.

එසේම පළාතේ සෞඛ්‍ය රියදුරන්ගේ සේවාව දෙපාර්තමේන්තු ගත සංවෘත සේවාවක් ලෙස ස්ථාපිත කරන ලෙස කළ ඉල්ලිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි නොමැති බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.