FAST NEWS

24×7 Around the Globe

සුපිරි පනත් කෙටුම්පත නිසා එජාප ශ්‍රීලනිප අමාත්‍යවරු කැබිනට්ටුව උණුසුම් කරයි..

කැබිනට් අමාත්‍ය ධුරයන් සඳහා සුපිරි බලතල හිමිවන බව කියන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට ඊයේ (20) පැවැති කැබිනට් හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

“ඕක තමයි පසුගිය ආණ්ඩුවටත් වුණේ. බැසිල් රාජපක්ෂ මහත්තයා හැම ඇමැතිකමකම වැඩ කරන්න ගිහිල්ලා තමයි අපේ ආණ්ඩුව පරාද වුණේ” දයාසිරි ජයසේකර ඇමැතිවරයා මෙහිදි අදාළ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමීන් සඳහන් කර තිබේ.

“අපි මේක කරන්නේ රටේ සංවර්ධනය වේගවත්ව කරන්න” එජාප ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ඊට ප්‍රති උත්තර සපයමීන් මෙහිදි සඳහන් කර තිබේ.

“සංවර්ධනයට අපි විරුද්ධ නෑ. හැබැයි සංවර්ධනයට මුවා වෙලා හැම ආයතනයකම තියෙන බලය අරගෙන එක් ඇමැතිවරයෙක් තීන්දු තීරණ ගන්නවා නම් ඒකට අපි විරුද්ධයි.” ශ්‍රීලනිප ඇමැතිවරු කිහිප දෙනෙකුම මෙ සම්බන්ධයෙන් වැඩි දුරටත් හමුවේදි පවසා ඇති බවද පැවසේ.

“මේ යෝජනාව පළාත් ඇමැතිවරුන්ටත් යොමු කරලා ඔවුන්ගේ අදහසුත් සලකා බැලිය යුතුයි. මේ යෝජනාව නිසා කිසිම රාජ්‍ය ආයතනයක බලය කප්පාදු වෙන්න බෑ. කිසිම ආයතනයක බලතල පවරා ගැනීමක් වෙන්න බෑ. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරලා කටයුතු කරන්න.” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් මෙම පනත සම්බන්ධයෙන් මෙහිදි උපදෙස් ලබා දී ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.