FAST NEWS

24×7 Around the Globe

ටිරාන් අලස් 10දා තෙක් අත්අඩංගුවට නොගන්න නියෝග.

රාඩා ආයතයේ මුදල් අක්‍රමිකතා පිළිබඳව කරන පරීක්ෂණවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා එළැඹෙන 10දා තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවටත් එයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් සඳහන් කරමින් ටිරාන් අලස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම අද නැවතත් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව පැවැසීය.