FAST NEWS

24×7 Around the Globe

උතුරුමැද පළාත් සභාවේ සභා නායක ආනන්ද සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වේ..

උතුරුමැද පළාත් සභාවේ සභා නායක ආනන්ද සරත් කුමාර රත්නායක මහතා  අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි හෘදයාබාධක් හේතුවෙන් ඒ මහතාව මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තාවේ.

ඒ මහතා මියයන විට 61 වන වියේ පසුවිය.

මේ වන විට පොළොන්නරුව ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති දේහය අද (20) පස්වරුවේ පොළොන්නරුව, හේවාගම ප්‍රදේශයේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කරන බව සදහන්ය.