FAST NEWS

24×7 Around the Globe

22 හැවිරිදි තරුණයෙකු තුර්කියේ රුසියානු තානාපතිව ඝාතනය කරයි..

තුර්කියේ හිටපු කැරලි මර්දන භටයකුගේ වෙඩි පහරට ලක්ව තුර්කියේ රුසියා තානාපති අන්ද්‍රේ කාලොෆ් ඝාතනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

62 හැවිරිදි කාලොෆ් රුසියාවේ ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රික නිලධරයකු ලෙස හැඳින්වේ.

අන්කාරා නුවර පැවැති ඡායාරූප ප්‍රදර්ශනයකට සහභාගීවී සිටියදී කාලොෆ් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි කියති.

වෙඩි තැබූ පුද්ගලයා 22 හැවිරිදි අයකු බවත් තානාපතිවරයා ඝාතනය සඳහා එක දිගට වෙඩි ප්‍රහාර 8ක් පමණ එල්ල කර ඇති බවත් කියති.