FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යවරු 08 කගේ විෂය වෙනස් කෙරෙමීන් කැබිනට් සංශෝධනයක් කෙරේ ?

අමාත්‍යාංශ කිහිපයක ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් අතර අර්බුදකාරී වතාවරණය අවසන් කෙරෙන අයුරින් ලබන  ජනවාරී මස මුලදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුගියදා සාකච්ඡා පවත්වා ඇතැයි අනාවරණය වෙයි.

මහජනතාවගෙන්, මෙන්ම පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරුන්ගෙන්ද රාජ්‍ය ඇමැතිවරුන්ගෙන්ද, ඇමැතිවරුන් කිහිපදෙනකුට එරෙහිව ලැබී ඇති පැමිණිලි පිළිබඳ රාජ්‍ය නායකයන් දෙදෙනා එහිදී දැඩි අවධානය යොමුකර ඇති අතර එය කැබිනට් මණ්ඩලය ඇතුළු රජයේ පැවැත්මට බරපතළ බාධාවක් ඇති බව මෙම දෙපලගේ නිගමනය වී තිබේ.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම වැනි වැදගත් කටයුත්තකට මුල පුරන ලබන වසර ආරම්භයේ ඊට ශක්තිමත් රජයක් ලෙස මුහුණදිය හැකි පරිදි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ එහිදී සාකච්ඡා වී ඇති බව පැවසේ.

නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුගෙත් රාජ්‍ය ඇමැතිවරුන් දෙනකුගේත් කැබිනට් ඇමැතිවරුන් සිවු දෙනෙකුගෙත් විෂයයන් මාරු කිරීමටත් රාජ්‍ය ඇමැතිවරයකුට කැබිනට් ඇමැති ධුරයක් ලබාදීම කෙරෙහිත් රාජ්‍ය නායකයන් දෙදෙනා අවධානය යොමු කර ඇතැයිද වාර්තා වේ.