FAST NEWS

24×7 Around the Globe

අල්ලස් කොමීසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ලබාදෙන තීරු බදු රහිත වාහන බලපත්‍රය නීති විරෝධි ලෙස විකිණිම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් අල්ලස් කොමිසම හමුවේ කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර නොමැති බව පවසමින් නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (19) පෙත්සමක් ගොනු සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය කබීර් හෂීම්, මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අල්ලස් කොමිසම, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 93 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.