FAST NEWS

24×7 Around the Globe

පක්ෂ මාරුවට තහනමක් – අතුරු මැතිවරණ ක්‍රමය ගෙනෙයි…

පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමැතිවරුන් පක්ෂය මාරු කළහොත් මන්ත්‍රී ධුරය අහෝසි වන වගන්තියක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇතැයි තොරතුරු අනාවරණය වේ.

සෑම දිස්ත්‍රික්කයකින්ම මෙම ඉල්ලීම ලැබුණු බවත් ඒ නිසා ව්‍යවස්ථා සම්පාදක කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ එම නිර්දේශය ඇතුළත් කළ බව නව ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ සාමාජික ආචාර්ය ලාල් විජේනායක මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

ඒ අනුව යම් මන්ත්‍රීවරයෙක් පක්ෂය මාරු කළහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බවත් අතුරු මැතිවරණයක් පවත්වා ඒ සඳහා තරග කොට මහජන කැමැත්ත ලබාගෙන පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවට තේරී පත්විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් මුදල්වලට හා වෙනත් වරප්‍රසාදවලට පක්ෂ මාරු කරන නිසා එවැනි වගන්තියක් ගෙන ඒමට විශාල පිරිසකගේ ඉල්ලීම් ලැබුණු බවත් ඒ නිසාම එවැනි වගන්තියක් නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සුදුසු බවට ව්‍යවස්ථා සම්පාදක කමිටුව නිර්දේශ කළ බවත් විජේනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.