FAST NEWS

24×7 Around the Globe

ඇතිවිය හැකි විදුලි අර්බුදයට විදුලිබල අමාත්‍යාංශයෙන් පිළියම්…

පවතින වියළි කාලගුණය හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි විදුලි අර්බුදයට පිළියමක් ලෙස පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සැලැසුම් කර ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා මාධ්‍ය වෙත පැවැසීය.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පසුගිය වසරට සාපේක්ෂව මේ වන විට 80%කින් පහළ ගොස් ඇතැයිද බටගොඩ මහතා සඳහන් කෙළේය.

එය මෑත ඉතිහාසයේ වාර්තා වූ අඩුම ජල මට්ටම බවද පැවැසූ ලේකම්වරයා මේ තත්ත්වය යටතේ ඉදිරියේදී ජල විදුලි නිෂ්පාදනය පිළිබඳ එතරම් විශ්වාසයක් තැබිය නොහැකි බවද පැවැසීය.

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී ඒකකයට රුපියල් 36ක් ගෙවීමට මණ්ඩලය සූදානම් බවත් විදුලිය ලබාගැනීමේදී පෞද්ගලික කර්මාන්තශාලා මෙන්ම හෝටල්වල ඇති විදුලි ජනන යන්ත්‍ර මඟින් විදුලිය ලබා ගැනීමට දැනටමත් මූලික සැලැසුම් සකස් කර ඇති බවත් සුරේන් බටගොඩ මහතා තවදුරටත් සඳහන් කෙළේය.