FAST NEWS

24×7 Around the Globe

සා.පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ජනවාරී 03 සිට…

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවල මුල් අදියර ජනවාරි මස 3 වැනිදා සිට 12 වැනිදා දක්‌වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

දෙවැනි අදියර ජනවාරි මස 21 වැනිදා සිට 30 වැනිදා දක්‌වා පැවැත් වීමට නියමීතය.

පළමු අදියර සඳහා පාසල් 62 ක්‌ද දෙවැනි අදියර සඳහා පාසල් විස්‌සක්‌ ද යොදා ගැනේ.

එක්‌කෝටි පනස්‌ අට ලක්‌ෂයක්‌ පමණ වන මෙවර උත්තර පත්‍ර ඇගයීම සඳහා පරීක්‌ෂකවරු හැට දෙදහසක්‌ යොදා ගැනීමට නියමීතය.

විභාගයේ ප්‍රායෝගික පරීක්‌ෂණ ජනවාරි මස 30 වැනිදායින් පසු පැවැත්වීමට සැලසුම් කරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.