FAST NEWS

24×7 Around the Globe

සහල් හිඟයක් පෙන්වා වැඩි මීලට අලෙවි කරන්න දෙන්නේ නෑ – ඇමති රිෂාඩ්

කිසිඳු අවස්ථාවක රට තුළ සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා වව්නියාව ප්‍රදේශයේ සංචාරයකට එක් වෙමීන් පැවසීය.

උත්සව සමයේ සහල් හිඟයක් මවා පෙන්වමීන් වැඩි මිලට සහල් අලෙවි කිරීමට කිසිඳු අයෙකුට අවස්ථාව ලබා නොදෙන බවද අමාත්‍යවරයා පැවසීය.

එසේම උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියේ නියමයන් උල්ලංඝණය කර කටයුතු කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම මෙහිදි පැවසීය.

එවැනි වෙළෙන්දන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් විශේෂ මෙහෙයුම් දියත් කර ඇති බවද ආමත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.