FAST NEWS

24×7 Around the Globe

මාගම්පුර වරායේ ස්‌ථිර නාවික කඳවුරක්‌ ස්‌ථානගත කෙරේ..

හම්බන්තොට, මාගම්පුර වරායේ ඊයේ (16 දා) සිට ස්‌ථිර නාවික කඳවුරක්‌ ස්‌ථානගත කර ඇත.

මෙතෙක්‌ තිබුණේ නාවික අනුඛණ්‌ඩයක්‌ පමණි.

මෙයට හේතුවී ඇත්තේ වරාය සේවකයන් නැව් දෙකක්‌ බලෙන් රඳවා ගැනීමයි.

ජාත්‍යන්තර නාවික රෙගුලාසි අනුව එම නැව් බලෙන් රඳවා ගැනීම තහනම් වේ.

එසේම වරාය තුළට නීති විරෝධී ලෙස ඇතුළු වීමේ ඉඩකඩ තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම තත්ත්වය යටතේ බෝම්බ රැගෙන වරාය තුළට ඇතුළුවීමේ ඉඩකඩ තිබූ බව වැඩිදුරටත් පරීක්‌ෂණවලින් සනාථ වී ඇත.

වර්ජනය පැවති සමයේ වරාය තුළට පිවිසෙන පිරිස ද පරීක්‌ෂාවට ලක්‌වී නැතැයි වාර්තා වී ඇත.

මේ අතර ලන්ඩන් නුවර ලොයිඩ්ස්‌ රක්‌ෂණ සමාගම මාගම්පුර වරාය ගැන විමර්ශනයක්‌ අරඹා තිබේ.