FAST NEWS

24×7 Around the Globe

ලක් රියදුරු බලපත්‍රය ඉතාලියටත් වලංගුයි…

ඉතාලියේ හා ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචි කරුවන්ට රටවල් දෙක අතර සිය රියදුරු බලපත්‍ර භාවිත කිරිමේ අවස්ථාව ලැබි තිබෙයි.

 ඒ ශ්‍රී ලංකා රජය හා ඉතාලි රජය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුවයි.

 

2017 වසරේ මුල් කාර්තුවේ සිට මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතය.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ නව ගිවිසුම හරහා ඉතාලියේ වෙසෙන 11000ක් පමණ වන ශ්‍රී ලාංකිකයන්ට මෙයින් ප්‍රතිලාභ ලැබෙන බවයි.