FAST NEWS

24×7 Around the Globe

ලංකා බැකුව සෙලාන් බැංකු කොටස් හිමිකාරීත්වය විකුණයි…

 

ලංකා බැංකුවේ අංක 1 ගිණුම යටතේ පැවති සෙලාන් බැංකු කොටස් හිමිකාරීත්වය අද(16) දිනයේ දී විකුණා දමන ලදී.

සෙලාන් බැංකු, ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 13,198,305 ක් ලංකා බැංකුව සතුව පැවති අතර මෙය සෙලාන් බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 7.5% ක් විය.

මෙහිදී එක් කොටසක් රු. 100 බැගින් අලෙවි වූ අතර රුපියල් බිලියන 1.32 (1,319,830,500) ක පිරිවැටුමක් මෙම ගනුදෙනුවෙන් වාර්තා විය.

මේ අනුව අද(16) දින සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.85 සීමාව ඉක්මවා යන ලදී.

වාර්තා වන පරිදි සෙලන් බැංකුවේ මෙම කොටස් හිමිකාරීත්වය මිල දී ගෙන ඇත්තේ විදේශීය පාර්ශවයක් වන අතර ලංකා බැංකුව, සෙලාන් බැංකුවේ 6 වැනියට විශාලතම කොටස්කරුවා විය.