FAST NEWS

24×7 Around the Globe

රක්නා ලංකා සමාගම ඈවර කිරීමට එරෙහි වාරණය දිර්ඝ කෙර්…

රක්නා ලංකා සමාගම ඈවර කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ලබා දී තිබූ වාරණ නියෝගය ලබන 30 වන දා දක්වා යළි දීර්ඝ කිරීමට අදාළ නඩුව අද(16) විභාගයට ගත් අවස්ථාවේදී  අධිකරණය නියෝග කළේය.

මීන් පෙර පසුගිය 6 වන දා රක්නා ලංකා සමාගම ඈවර කිරීම අද දිනය දක්වා වළක්වාලමීන් ඇවන්ගාඩ් සමාගම මෙම වාරණ නියෝගය ලබා ගනු ලැබීය.

රජය විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීමට සඳහා තීරණය කළේ ඊට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුවය.

ඒ අනුව එම සමාගමේ ගොඩබිම් ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක බලකායටත්, සමුද්‍රීය ආරක්ෂක කටයුතු නාවික හමුදාවටත් පැවරීමට යෝජනා විය.