FAST NEWS

24×7 Around the Globe

නත්තල් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්…

නත්තල් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ මහතා පවසයි.

එ අනුව ලබන 24 සහ 25 යන දෙදින තුළ මීගමුව – පානදුර අතර මෙම දුම්රිය ධාවනය සිදු කිරීමට නියමීතය.

එම දින දෙක තුළ පෙරවරු 08.05ට කොළඹ කොටුවේ සිට මීගමුව බලා දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර පෙරවරු  09.25ට මීගමුවේ සිට පානදුර  දක්වා දුම්රියක් ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇති බව සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

එසේම පස්වරු 02.00ට පානදුර සිට මීගමුව දක්වා දුම්රිය ගමන් වාරයක් ක්‍රියාත්මක වන අතර  පස්වරු 04.35ට මීගමුවේ සිට මරදාන දක්වා තවත් දුම්රියක් ධාවනය වන බව දුම්රිය ගමනා ගමන නියමීත බව හෙතෙම පැවසීය.

මෙම විශේෂ දුම්රිය ගමන් වාරයන්ට අමතරව ලබන 22 වනදා සිට ජනවාරි මස 03 වනදා දක්වා තවත් දුම්රිය  කිහිපයකට අතිරේක මැදිරි එක් කිරීමට ද කටයුතු යොදා ඇති බව විජය සමරසිංහ මහතා සඳහන් කළේය.