FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදාපතිගේ සේවා දිගුව අවලංගු කෙරේ…

නාවික හමුදාපති රියර් අද්මිරාල් රවී විජේගුණරත්නගේ සේවා දිගුව මේ වන විට අවලංගු කිරීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

නාවික හමුදාපතිවරයාගේ සේවා කාලය ලබන 2017 වසරේ පෙබරවාරි මසදී අවසන් වීමට නියමිත වන අතර ඔහු විසින් සිය සේවා කාලය දිගු කරන ලෙස රජයෙන් ඉල්ලා ඇති අතර එසේ වුවද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

ඒ අනුව පෙබරවාරි මසදී නාවික හමුදාපතිවරයා විශ්‍රාම යාමට නියමිත අතර ඔහුට රජයේ ඉහළ තනතුරක් හිමි වනු ඇති බවද පැවසේ.

නාවික හමුදාපති රියර් අද්මිරාල් රවී විජේගුණරත්න පසුගිය මෑත වකවානුවේ වැඩි වශයෙන් කතා බහට ලක් වූයේ හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින් කළ උද්ඝෝෂණයේදී ඔවුන්ට පහර දීමත් එය වාර්තා කිරීමට ගිය සේවකයින්ට පහර දීමත් හේතුවෙනි.