FAST NEWS

24×7 Around the Globe

ජනවාරි 04 සිට රජයේ රෝගීන්ට පෞද්ගලික රුධිර පරීක්ෂණ තහනම්..

රජයේ රෝහල්වලට ඇතුළු වන රෝගීන්ගේ රුධිර පරීක්‍ෂණ කටයුතු පෞද්ගලික අංශයෙන් සිදු කරගැනීම එළඹෙන ජනවාරි 04 වැනිදා සිට තහනම් කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

හෙතෙම සඳහන් කර සිටින්නේ, සියලු රෝහල් සඳහා අවශ්‍ය රුධිර පරීක්‍ෂණ යන්ත්‍ර ඉදිරි සති දෙකක කාලය තුළ ලබා දී අවසන් කරන බවයි.

ඒ අනුව, යම් රෝගියෙකු රුධිර පරීක්‍ෂණ කටයුතු සඳහා පෞද්ගලික අංශය වෙත යොමු කළහොත් රෝහල් අධ්‍යක්‍ෂවරයාට එරෙහිව විනය පියවර ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.