FAST NEWS

24×7 Around the Globe

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර අත්අඩංගුවට ගන්නැයි නියෝග..

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උළෙලක් සඳහා රුපියල් ලක්ෂ 112ක් මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු පස් දෙනකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කළේය.

එසේම එම සිද්ධියට අදාළව ධීවර වරාය නීතිගත සංස්ථාවේ වැඩබලන සැපයුම්කරු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය නියෝග කළේය.

ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති, හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පරිපාලන), හිටපු සාමාන්‍යාධිකාරී මෙන්ම හිටපු අමාත්‍යවරයා ඇතුළු පස්දෙනකු මෙම සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට මෙහිදී අධිකරණය නියෝග නිකුත් කළේය.