FAST NEWS

24×7 Around the Globe

දින 9 ක් තිස්සේ පැවති හම්බන්තොට වරාය සේවක සත්‍යග්‍රහය අවසන්…

දින 9 ක් තිස්සේ දියත් කර තිබූ සත්‍යග්‍රහය අවසන් කිරීමට මාගම්පුර වරාය සේවක කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.

සත්‍යග්‍රහයේ නිරත සේවකයන් අද (15) බලධාරීන් සමග පෙරවරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව  මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

ඒ අනුව අද (15) පස්වරු දෙකේ සිට රාජකාරි සඳහා වාර්තා කරන බව මාගම්පුර වරාය සේවක කමිටුවේ සභාපති අයි.කේ. ඔමේෂ් මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.