FAST NEWS

24×7 Around the Globe

2016 ජනවාරී හා නොවැම්බර් අතර බරපතල අපරාධ 7592 ක්..

2016 වසරේ ජනවාරි මාසය හා නොවැම්බර් මාසය අතර මාස 11 තුළදී බරපතල අපරාධ 7592ක් වාර්තා වී ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, ගෙවල්බිඳුම්, සොරකම් කිරීම් හා කොලලකෑම් යන අපරාධ 7592ක් මෙසේ වාර්තා වි ඇති බව එහි සඳහන් වේ.

කෙසේ වෙතත් මේ වසරේ ඔක්තෝබර් මාසය හා සසඳා බැලීමේදී නොවැම්බර් මාසයේදී අපරාධ සංඛ්‍යාවේ අඩුවක් පවතින බවද එම නිවේදනයේ වෙයි.