රේගු ආඥා පනතේ 17 වන වගන්තියෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇති බලතල අනුව 2016 දෙසැම්බර් 12 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, රේගු ආඥාපනත යටතේ අයකර ගනු ලබන තීරු බදු මෙන්ම, වෙනත් ගාස්තු, දණ්ඩන හා අහිමි කිරීම් වෙනුවෙන් ගෙවීම් කළ යුතු හා ගෙවීම් ලැබිය යුතු විනිමය අනුපාතයන් නිවේදනය කර තිබේ.
මෙහිදී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක් සඳහා රු. 150.6039 ක්, ජපාන යෙන් එකක් සඳහා රු. 1.3159 ක්, ඉන්දියානු රුපියලක් සඳහා රු. 2.2307 ක් යනාදී ලෙසින් විනිමය තීරණය වී තිබේ.
පහත දැක්වෙන්නේ රේගු නිවේදනයේ සඳහන් සම්පූර්ණ විනිමය අනුපාත සටහනයි.








