FAST NEWS

24×7 Around the Globe

වරාය සිද්ධිය ගැන නාවික හමුදාපතිගෙන් ආරක්ෂක ලේකම්ට වාර්තාවක්..

හම්බන්තොට මාගම් රුහුණුපුර වරායේ නෞකා ජැටියේ පසුගිය සෙනසුරාදා ඇතිවූ සිද්ධිය සම්බන්ධ සවිස්තර වාර්තාවක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් තමන්ට ඊයේ (14) දිනයේ භාර දුන් බව ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත පැවැසීය.

ඒ අනුව අදාළ වාර්තාව අධ්‍යයනය කර ඊළඟ සුදුසු පියවර ගැනීමට කටයුතු කරන බව හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙම වාර්තාවට නාවික හමුදාපතිවරයා සහ ප්‍රාදේශීය මාධ්‍යවේදියා අතර ඇති වූ ආරවුල සම්බන්ධයෙන් වන කරුණුද අන්තර්ගත බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඊට අදාළ ඡායාරූප වාර්තාවක් මෙන්ම වීඩියෝ පටයක්ද නාවික හමුදාපතිවරයා විසින් පිටු 30කට ආසන්න අදාළ වාර්තාව සමග ආරක්ෂක ‍ලේකම්වරයාට භාර දී ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.