තම නිවසේ සේවිකාවකට පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ගෘහස්ත කම්කරු සංගමයේ කාන්තාවෝ පිරිසක් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වති.
විනිසුරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද, අගතියට පත් ගෘහ සේවිකාවට සාධාරණය ඉටු කරන ලෙස ද ඔවුහු ඉල්ලති.
මේ අතර විනිසුරු සරත් ආබෘ මහතා අද (06) අලුත් කඩේ අංක 404 අධිකරණයේ නඩු අසතියි උසාවි ආරංචි කියයි.
බුවනෙක අලුවිහාරයේ සහ උපාලි අබේරත්න මහත්වරු එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයෝ ය.
සරත් ආබෘ මහතා නඩු ඇසීමට විනිශ්ච මණ්ඩලයට සම්බන්ධ කර නොගන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පසුගිය දා අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කළේය.







