FAST NEWS

24×7 Around the Globe

සීමා නිර්ණයට අදාළ ගැසට් නිවේදනයට සමගාමීව තවත් සංශෝධන..

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් සීමා නිර්ණයට අදාළ ගැසට් නිවේදනයට සමගාමීව සභාවේ සංස්ථාපිතය, කාන්තා නියෝජනය ඇතුළත් සභික සංඛ්‍යාවේ සංශෝධනයද ගැසට් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (14) මාධ්‍ය වෙත පැවැසීය.

සීමා නිර්ණ ගැටලු විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව ලබන 27 වැනිදා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට භාර දීමෙන් පසු මැතිවරණ පැවැත්විය හැකිදැයි කළ විමසීකදී දේශප්‍රිය මහතා මේ බව සදහන් කළේය.

“ලබන 27 වැනිදා සීමා නිර්ණය අවසන් කරමින් අදාළ වාර්තාව ලබා දෙන්නේ නම් එය දින දෙකක් තුළ ගැසට් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව ඡන්ද තියන්න නම් ඒ සමග පළාත් සභා හා පාලන ආයතනවල සංස්ථාපිතය සහ සභික සංඛ්‍යයාව සංශෝධනය කාන්තා නියෝජනයද ඇතුළත්ව ගැසට් කළ යුතුයි. එම ගැසට් කිරීම් කඩිනමින් කරන්නැයි පළාත් පාලන අමාත්‍යංශයෙන් මම ඉල්ලා සිටිනවා” යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

“සීමා නිර්ණ වාර්තාව මුලින්ම පසුගිය අගෝස්තු 31 ලබාදීමට නියමිතව තිබුණා. අනතුරුව එය ඔක්තෝබර් 31 කිව්වා.නොවැම්බර් 30ට කල්ගියා.පස්සේ දෙසැම්බර් 15 කිව්වා. දැන් 27 දෙනවා නම් එය කඩිනමින් ගැසට් කිරීමයි අව්‍යශ්‍ය වෙන්නෙ යැයි” හෙතෙම පැහැදිලි කළේය.