FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප සභාපතිත්වය මහින්දටද මෛත්‍රීටද – නඩුව විභාග කෙරේ..

ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ හිටපු  මහ ලේකම්  පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් එහි  සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදිම නිතිවිරෝධි  බවත් එම සභාපතිත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවත් සඳහන් කරමින් කොළඹ දිසා අධිකරණයේ ගොනු කර තිබු නඩුවක් අද (14) විභගයට ගැණූනි.

ශ්‍රීලනිප සම කාරක සභා සභිකයන්  වන අරුණ ප්‍රියශාන්ත, අසංක ශ්‍රිනාත් යන අය මෙම නඩුව ගොනු කර තිබුණී.

මෙහිදි වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් ශ්‍රීලනිප මහ ලේකම්  දුමින්ද දිසානායක  හා හිටපු  මහලේකම්  අනුර ප්‍රියදර්ශන යාපා සහ මැතිවරණ කොමසාරිස්වරයා  විරෝධතා ගොනු කළහ.

නඩුව පෙබරවාරි 20 වැනි දා දක්වා කල් තැබීමට  කොළඹ දිසා අකිධරණය තීරණය කළේය.