FAST NEWS

24×7 Around the Globe

සත්‍යග්‍රහයේ නිරත සේවක පිරිස හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිල් ගනියි…

 

රැකියා ස්ථීර කරන ලෙස බලකරමින් සත්‍යග්‍රහයේ නිරතව සිටින හම්බන්තොට වරායේ සේවක පිරිස අද(13) වරාය පරිශ්‍රයේදී ශීල ව්‍යාපාරයකට සහභාගී වෙයි.

ඊයේ(12) දිනයේදී වරාය පිවිසුමේ පැවති මාර්ග බාධක ඉවත් කිරීමට සේවකයින් පොලීසියට සහය පළ කර තිබුණි.

සිය සේවාව ස්ථීර කරන ලෙස බල කරමින් අදාළ සේවකයින් මීට සතියකට පෙර විරෝධතා ආරම්භ කළේය.