FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදීයෙකුට පහරදිමේ සිද්ධියට එරෙහිව ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ…

 

හම්බන්තොට වරාය පරිශ්‍රයේදී නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදීයෙකුට පහරදිමේ සිද්ධියට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර ගම්පහ, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මාධ්‍යවේදීන් ඇතුලු පිරිසක් ඊට සහභාගී විය.

ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකමුතුව ගම්පහ ප්‍රදේශයේදී විරෝධතාවක නිරත වූ අතර වරාය පරිශ්‍රයේදී නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදීයෙකුට කළ පහරදිමේ සිද්ධියට ඔවුන් විරෝධය පල කරන ලදී.

මේ අතර අම්පාර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් ද අම්පාර නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණ අතර නාවික හමුදාපතිවරයාගේ ක්‍රියාකලාපය හෙලා දකිමින් ඔවුන් කළු පටි පැලඳ විරෝධතාවයේ නිරත විය.

මෙම උද්ඝෝෂණය සදහා සිවිල් සංවිධාන සහ ප්‍රදේශයේ නායක ස්වාමින් වහන්සේ නමක් ද සහභාගී විය.

මේ අතර හම්බන්තොට වරාය පිවිසුම් දොරටුව අභියස පැවැත්වෙන වරාය සේවකයින්ගේ අඛන්ඩ සත්‍යග්‍රහයේ වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදීන් ද අද(13) දිනයේ කළුපටි පැලඳ මාධ්‍ය ආවරණ කටයුතු සිදු කරන ලදී.