FAST NEWS

24×7 Around the Globe

මාගම්පුර වරායේ සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහයට දින 5යි…

 

තමන් වරාය අධිකාරිය යටතට ගෙන රැකියා ස්ථීර කරන්නැයි ඉල්ලා මාගම්පුර වරායේ සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහය 5 වන දිනටත් අද(11) ක්‍රියාත්මක විය.

වරාය පිවිසුම අවහිර වන පරිදි සේවකයින් සත්‍යග්‍රහයේ නිරත වන අතර වරාය හා ඒ අවට භූමියට නාවික හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිස් ආරක්ෂාව ද යොදවා  තිබේ.

එමෙන්ම ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ද අද(11) විරෝධතාකරුවන් හමුවීමට පැමිණ තිබුණි.