FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට ප්‍රතිසංවිධානය සඳහා වු ගිවිසුමට අත්සන් තැබේ…

හම්බන්තොට වරාය ප්‍රතිසංවිධානය සඳහා වූ මූලික සැලසුම්වලට අදාළ අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකා රජය සහ චයිනා මර්චන්ට් හෝල්ඩින් සමාගම අතර  ඊයේ (08) අත්සන් කර ඇති බව වාර්තා වේ.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියට අනුකූලව ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් මුදල් අමාත්‍යංශය, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු  යන අමාත්‍යංශවල ලේකම්වරුන් විසින් ගිවිසුමට අත්සන් කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.