FAST NEWS

24×7 Around the Globe

කොටුව සහ බදුල්ල අතර අද සිට අතිරේක දුම්රිය දෙකක්..

කොළඹ, කොටුව සහ බදුල්ල අතර අතිරේක දුම්රිය දෙකක් අද (09) සිට ලබන 20 වනදා දක්වා ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

කොළඹ කොටුවෙන් අද සහ 11,13,15,17 සහ 19යන දිනවලදී මෙම දුම්රිය ගමන්  ආරම්භ කරන අතර බදුල්ලේ සිට හෙට සහ 12,14,16,18 සහ 20 දිනවලදී කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනයට නියමිතය.

අද පෙරවරු 07.03ට  කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය පස්වරු 05.29ට බදුල්ල දුම්රිය ස්ථානයට ලඟාවිමට නියමිතය.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 07.30ට පිටත්වන වන දුම්රිය පස්වරු 05.20ට කොළඹ කොටුවට ළඟා වේ.