FAST NEWS

24×7 Around the Globe

කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන විධිමත් කිරීමට පියවර…

 

මේ වනවිට ජනප්‍රිය සංචාරක සහ සංරක්ෂණ මධ්‍යස්ථාන බවට පත්ව ඇති කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම විධිමත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම පෞද්ගලික කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම තවදුරටත් විධිමත් කර ඒවා වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබේ.

වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් යටතේ මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවසර ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.