FAST NEWS

24×7 Around the Globe

ජයලලිතා ජයරාම්ගේ මරණය හේතුවෙන් මීයගිය අයට වන්දි..

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේගේ අභාවයෙන් කම්පාවට පත් වුණු පුද්ගලයන් 77 දෙනෙකු මේ වන විට මරණයට පත්වී ඇති බව එරට පුවත් සේවා වාර්තා කරයි.

එසේ ජීවිතක්ෂයට පත්වුණු පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ තුන බැගින් වන්දි ප‍්‍රදානය කිරීමට ජයලලිතා නායකත්වය දැරූ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. (AIAMDK) පක්ෂය තීරණ කර ඇති බව පැවසේ.

එයට අමතරව ජයලලිතාගේ මරණයෙන් කම්පාවට පත්වී සියදිවිනසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයන්ට රුපියල් පනස් දහස බැගින් පිරිනැමීමටද එම පක්ෂය තීරණය කර ඇත.