FAST NEWS

24×7 Around the Globe

ඊපීඩීපී සංවිධානයේ නියෝජිතයින් තිදෙනෙකුට මරණ දඩුවම…

2001 වසරේ නොවැම්බර් මස 28 වැනි දා යාපනෙය්දි දෙමළ ජාතික  සන්ධානයේ අධාරකරුවන් දෙදෙනකු ඝාතනය කිරීමේ වරදට ඊපීඩීපී සංවිධානයේ නියෝජිතයින් තිදෙනෙකුට යාපනය මහාධිකරණය විසින් ඊයේ (07දා) මරණ දඩුවම නියම කළේය.

මරණ දඩුවමට අමතරව දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ට හා සාමාජිකයින්ට පහරදීම සහ රථවාහන වලට අලාභ හානි සිදුකිරීමේ චෝදනාවන්ට වසර 20ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් සහ රුපියල් ලක්‍ෂය බැගින් වූ දඩමුදලක්ද ගෙවන ලෙස මහාධිකරණය  චුදිතයින්ට නියම කළේය.