FAST NEWS

24×7 Around the Globe

නොවැම්බරයේ සංචාරක පැමිණීම සියයට 16 කින් ඉහළට…

 

දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය නොවැම්බර් මාසයේ එක්ලක්ෂ 67,217 දක්වා, සියයට 16 කින් ඉහළ ගොස් තිබේ.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කළේ විශේෂයෙන් චීන සහ බටහිර යුරෝපීය සංචාරකයන්ගේ පැමිණීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

වසරේ පළමු මාස 11 තුළ දිවයිනට සංචාරකයන් මිලියන 1 යි දශම 8 යි 2 ක් පැමිණ ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14 යි දශම 7 ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.