FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මරණ තර්ජන….

අද (07) උදෑසන 9.30ට පාර්ලිමේන්තුව ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

එහිදී  ඔහු පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට අදාළව තමන්ට සහ පවුලේ ඥාතීන්ට මරණ තර්ජන පවතින බවයි.

ඔහු එහිදී කියා සිටියේ තමන්ට දුරකථන ඔස්සේ පරුෂ වචනයෙන් බැණවැදී, පවුලේ සියලු දෙනා මරා දමන බවට තර්ජනය කර තිබෙන බවත්, ඒ පිළිබඳව වැලිකඩ පොලීසියට පමිණිල්ලක් කළ බවත්, මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි බවත්ය.

එහිදී නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පැවසුවේ මේ ගැන  පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත් ඉදිරිපත් කරන බව හා පොලිස්පතිවරයා මාර්ගයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බවයි.