FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට එරෙහිව නැවතත් අධි චෝදනා ගොනු කෙරේ..

දිවිනැඟුම අරමුදලේ මුදල් රුපියල් මිලියන 29ක් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි චෝදනාව මත හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ තවත් අයෙකුට එරෙහිව අධි චෝදනා යළි  මාහාධිකරණය හමුවේ ගොනු කිරීමට නීතිපතිවරයා අද (07) කටයුතු කළේය.

ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම සඳහා දිවිනැඟුම අරමුදලේ වියදම් කර රජයේ මුදල් අවභාවිතා කළ බවට බැසිල් රාජපක්ෂ සහ දිවිනැඟුම අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට ඉදිරිපත් කර තිබුණු අධි චෝදනා තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව ඉවත්කරගන්නා බවත්,නැවත නඩු පැවරීමට ක්‍රියාකරන බවත් දන්වමින් ඊයේ (06) දිනයේ පැවති ‍අධි චෝදනා ඉවත්කරගන්නා ලදී.