FAST NEWS

24×7 Around the Globe

කරුණා අම්මාන්ට ඇප දෙයි – විදෙස් ගමන් තහනම් කෙරෙයි..

හිටපු නියෝජ්‍ය ඇමති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.

එ අනුව රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වු ශරිර ඇප හතරක් නියම වු අතර  ඔහුගේ විදේශ ගමන්ද තහනම් කිරීමට අධිකරණය නියෝග කළේය.

එසේම සෑම ඉරුදිනකම පොලිසියේ පෙනී සිටිය යුතු බවටද නියම විය.

රුපියල් අට කෝටියක් වටිනා වෙඩි නොවදින රථයක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගවට ගෙන රිමාන්ඩ් කර සිටියේය.