FAST NEWS

24×7 Around the Globe

හිටපු අැමති බැසිල්ට එරෙහි අධිචෝදනා නීතිපති නැවත හකුළා ගනියි..

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැඟුම අරමුදලෙන් රු. ලක්ෂ 290ට අධික මුදලක් යොදවාගෙන  ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරී මගින් එම අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා 05 ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු දෙදෙනෙකුට ඉදිරිපත් තිබු අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කරගෙන තිබේ.

අදාළ නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරයා විසින් මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගෙන තිබේ.

ඒ අනුව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සමෘද්ධි අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන විත්තිකරුවන් නිදහස් කිරීමට මහාධිකරණය විසින් කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ගොනුකරන ලද අධිචෝදනා පත්‍රවල තාක්ෂණික දෝෂයක් පවතින බැවින් නැවත නඩු පැවරීමේ බලාපොරොත්තුවෙන් ඒවා ඉවත්කර ගැනීමට අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු පත්මිණී එන්. රණවක එම අධිචෝදනා ඉවත්කර ගැනීමට අවසර ලබාදී තිබේ.

මීට පෙරාතුව තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාස 3ක කාලයක් අමෙරිකාවේ සංචාරය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණු අතර අද දිනයේ එම ඉල්ලීමටද අවසර ලබාදී ඇත.