FAST NEWS

24×7 Around the Globe

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් එකම පවුලේ තිදෙනකු මරුට…

අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට පදිංචි එකම පවුලේ තිදෙනකු ඊයේ (05) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

පියා (32) මව (28) සහ පුතා (04) වශයෙන් එකම පවුලේ තිදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්වී තිබේ.

වෙඩි තැබූ ස්ථානයේ තිබී ටී 56 හා හා මිලිමීටර 9 උණ්ඩ හමුව ඇති බව පොලීසීය වැඩි දුරටත් සඳහන් කළේය.

මියගිය තිදෙනාගේ සිරුරු බලපිටිය මූළික රෝහලේ තැන්පත කර ඇත.