FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීට හා අගමැති රනිල්ට මහාධිකරණයෙන් සිතාසී…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබන මාර්තු මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ  ඊයේ (05දා) සිතාසි නිකුත් කළාය.

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කොට ඇති ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු 15 දෙනෙකුට මහාධිකරණය මෙසේ නිකුත් කළේය.

එසේම එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාග ලබන වසරේ මාර්තු මස 20 වැනිදා සිට දිනපතා විභාග කිරීමටද තීරණය කළේය.