FAST NEWS

24×7 Around the Globe

හිටපු නි.ඇමති විනයාගමුර්ති මුරලිදරන්ට (කරුණා අම්මාන්) ඇප නෑ…

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින හෙවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් ( කරුණා අම්මාන්)  මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) ප්‍රතික්ෂේප කළේය.

බන්ධනාගාරය තුළ ආරක්ෂාවට තර්ජනයක් පවතින බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා  විත්තිකරුට ඇප නියම කරන ලෙස  එම පාර්ශවයේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඊට  විරෝධය පළකරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේ ප්‍රශ්නගත වාහනය ලියාපදිංචි කර නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා දැනුම්දී ඇති බවයි.

කරුණු සලකා බැලූ අධිකරණය විත්තිකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර ලබන 07 වනදා එම ඉල්ලීම පිළිබඳ වැඩිදුර සලකා බැලීමට තීරණය කළේය