FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා සහ පළාත් පාලන වැය ශිර්ෂය සම්මතයි..

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ  2017 වර්ෂයේ වැය ශිර්ෂය වැඩි ඡන්ද 47කින් පාර්ලිමේන්තුවේදී පෙරේදා (03)  සම්මත විය.

වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 83ක්ද විරුද්ධව ඡන්ද 36 ක්ද ලැබුණු අතර ආණ්ඩු පක්ෂයේ සහ  දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පමණක්  විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටියහ.