FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතන 113 ක් බත්තරමුල්ලට රැගෙන යනවා..

සෙත්සිරිපාය 3,  4 නුදුරේදීම ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය ආයතන 113 ක් බත්තරමුල්ලට රැගෙන යන බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

සිය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම ඉදිරි වසර එකහමාර තුළ නිවාස ඒකක දොළොස්දහස් නමසිය හැට හතරක් ක්‍රියාත්මක කරන බවත් වෘත්තීයවේදීන්ට වෘත්තීය ගම්මාන පද්ධතියක් ඉදිකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.