FAST NEWS

24×7 Around the Globe

පුත්තලම මාර්ගයේ දුම්රිය 3ක් 4වනදා අවලංගු වෙයි…

 

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය තුනක් ලබන 04 වනදා අවලංගු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය.

කටුනායක සහ කුරණ දුම්රිය ස්ථානයන් අතර ද්විත්ව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් මෙම දුම්රිය අවලංගු කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව කොළඹ කොටුවෙන් පෙරවරු 04.00ට නූර්නගර් බලා ධාවනය වන දුම්රිය, නූර්නගර් සිට කොළඹ කොටුව බලා පෙරවරු 09.50ට ධාවනය වන දුම්රිය සහ හලාවත සිට මරදාන බලා පෙරවරු 03.50ට ධාවනය වන දුම්රියන් එලෙස අත්හිටුවනු ලැබේ.

මේ අතර ලබන 04 වනදා හලාවත සිට මරදාන බලා ධාවනය වන දුම්රියේ ද වේලාව සංශෝධනය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ හලාවත දුම්රිය ස්ථානයේ සිට මරදාන දක්වා පෙරවරු 04.50ට ධාවනය වන දුම්රිය එදින පෙරවරු 05.40ට ධාවනය  කිරීමට කටයුතු යොදා ඇති බවයි.