FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද රථ සංගම්වල විරෝධතා පා ගමනක් නිසා ලෝටස් වටරවුම වසාදැමෙයි…

 

ත්‍රීරෝද රථ සංගම්වල විරෝධතා පා ගමනක් හේතුවෙන් ලෝටස් වටරවුම වසාදමා තිබේ.

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීම වැලැක්වීම සඳහා පොලීසිය මෙම පියවර ගෙන තිබේ.

විරෝධතාව හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් පවතින අතර ත්‍රී රෝද සංගම් කිහිපයක් නෙළුම් පොකුණ රඟහළ අසල සිට මෙම විරෝධතා පා ගමන ආරම්භ කරනු ලැබීය.