මගී පීඩා අවම කරමින් ධාවනයේ යෙදෙන ශ්‍රී ලංගම බස් රථවලට ප්‍රදේශ කිහිපයක දී ඊයේ(01දා) රාත්‍රීයේ සහ සහ අද(02දා) උදෑසන ගල් ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි.
ගල්කිස්ස ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ශ්‍රී ලංගම බස් රථයකට එවැනි ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය පවසයි.
ත්‍රීකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ දී ද ශ්‍රී ලංගම බස් රථ දෙකකට ගල් ප්‍රහාර එල්ල වී තිබේ.
ත්‍රීකුණාමලයේ සිට තංගල්ල දක්වා ධාවනය කෙරෙන බස් රථයකට ඊයේ රාත්‍රියේ ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මූතූර් සිට ත්‍රීකුණාමලයට පැමිණි බස් රථයකට අද උදෑසන ගල් ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි.
බස් රථවලට එල්ල වූ මෙම ගල් ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා විසින් ධාවනය කරනු ලබන බස් රථවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ඉල්ලා තිබේ.
මේ අතර තංගල්ල, හේනකඩුව ප්‍රදේශයේදී අද අළුයම ලංගම බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මහරගම ඩිපෝවට අයත් කතරගම සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බව තංගල්ල පොලීසිය පැවසුවේය.
ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර බස් රථයට අලාභ හානි සිදුව ඇත.
බස් රථවලට එල්ල වූ මෙම ගල් ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.