FAST NEWS

24×7 Around the Globe

අමෙරිකාවේ මීළග උප ජනාධිපතිවරයාගෙන් ජනපති මෛත්‍රීට අමතයි..

අමෙරිකාවේ උප ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින මයික් පෙන්ස් මහතා හා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්වීපාර්ශවික වශයෙන් දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ.

එනම් දෙරට අතර ඇති සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් ඔවුන් දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු හුවමාරු කර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මයික් පෙන්ස් මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සිදු වූ දුරකථන සංවාදයේදී දෙරට අතර එනම්, අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනිමේ අරමුණින් ද්වීපාර්ශවික සාකච්ඡා ඇති කර ගැනීම සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු මෙන්ම ඉදිරි ගමන සඳහා අමෙරිකාවේ සහයෝගය ලබා දීමට අමෙරිකාව සූදානම් බවද ප්‍රකාශ කර තිබේ.