FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ධූරය ජෙනරාල් ජේම්ස් මැටිස් ට..

අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ධූරය සඳහා ජෙනරාල් ජේම්ස් මැටිස් නම් කර තිබේ.

තේරීපත් වුණු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහියෝ ප්‍රදේශයේ පැවැති රැළියකදී මේ බව ප්‍රසිද්ධ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එහිදී ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මැටිස් එම තනතුර සඳහා හොඳම සුදුස්සා බවයි.

මෑඩ් ඩෝග් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ජෙනරාල් ජේම්ස්  මැටිස් ඔබාමා පාලනයේ මැදපෙරදිග ප්‍රතිපත්තිය විවේචනයට ලක් කළ අයෙකු ලෙස සැලකෙයි.

මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වයට බරපතළම තර්ජනය එල්ල කරන්නා ඉරානය වන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ජෙනරාල් මැටිස් 1991 වසරේ ගල්ෆ් යුද්ධය සහ 2001 වසරේ ඇෆ්ගන් යුද්ධයට සහභාගී වූ අයෙකු ලෙස වාර්තා වෙයි.