FAST NEWS

24×7 Around the Globe

‘මුම්ටාස් මහල්’ තුළ ජාතික ආරක්ෂක විද්‍යායතනයක් පිහිටුවයි..

ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂක විද්‍යායතනයක් පිහිටුවීමට රජය තීරණය කොට තිබේ.

ඒ, ශ්‍රී ලංකාව ක්‍රමෝපායික වශයෙන් ලෝකය හා සම්බන්ධ කිරීමේත්, ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ධ දේශීය හා විදේශීය විද්‍යාර්ථීන් එක් දැනුම් කේන්ද්‍රස්ථානයක් තුළ මුණගැස්වීමේත්, ආරක්ෂක ක්‍රමෝපායන් හා ක්‍රමවේදයන් පිළිබඳව හමුදා සහ සිවිල් නිලධාරින් වැඩි දෙනෙකුට විධිමත් පුහුණුවක් ලබා දීමේත් අරමුණු ඇතිවය.

එම විද්‍යායතනය කොළඹ අව‍‍ට ස්ථානයක ස්ථාපිත කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, දැනට භාවිතයට නොගන්නා මින් පෙර කථානායක නිල නිවස ලෙස භාවිත කරන ලද ‘මුම්ටාස් මහල්’ පරිශ්‍රය සුදුසු පරිදි ප්‍රතිසංස්කරණය කර ඒ සඳහා යොදාගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.